Post più popolari

giovedì 24 maggio 2012

Home » » Yahoo Alibaba ට විකිණීමට සූදානම්

Yahoo Alibaba ට විකිණීමට සූදානම්

Google හා Facebook වලින් Yahoo ට දැඩි තරගයක්... හමුවේ ඇමරිකානු අන්තර්ජාල සමාගමක් වන Yahoo සිය කොටස් වලින් සියයට 20 ක් පමණ චීනයේ විශාලතම අන්තර් ජාල සමාගම වන Alibaba සමාගම් සමූහයට විකිණීමට සූදානම් වේ. මේ බව වාර්තා කරමින් බී.බී.සී. ලෝක සේවය පවසන්නේ මෙම ගනුදෙනුව මගින් Yahoo සමාගම ඩොලර් බිලියන 7.1 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි. පසුගිය කාලයේදී Yahoo සමාගමට Google හා Facebook සමාගම් වලින් එල්ලවූ දැඩි තරගය හමුවේ අන්තර් ජාල වෙළඳ දැන්වීම් වෙළඳ පොළ සැලකිය යුතු ලෙස අහිමිවෙමින් ගියේය. Yahoo විසින් මෙම ගනුදෙනුවේදී Alibaba වෙත තමන් සතු කොටස් වලින් හරි අඩක් පමණම විකුණන බව සඳහන්ය.
Share this games :

0 commenti:

Posta un commento