Post più popolari

giovedì 24 maggio 2012

Home » » පොල් ගසමින් දෙවියන්ගෙන් වරෙන්තුවක් ඉල්ලුවාට හිරුණිකාට එරෙහිව නඩුවක්

පොල් ගසමින් දෙවියන්ගෙන් වරෙන්තුවක් ඉල්ලුවාට හිරුණිකාට එරෙහිව නඩුවක්

නඩු දැම්මොත් ජාත්‍යන්තරයට කියනවා... අධිකරණය ඉදිරියේදී පොල් ගසමින් දෙවියන්ගෙන් වරෙන්තුවක් ඉල්ලා සිටින්නේ යැයි පැවසීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුවූ බැවින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද සිල්වා මහතා ඉදිරියේදී කැඳවනු ලැබු අවස්ථාවේදීය. එහිදී පේ‍්‍රමචන්ද්‍ර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද මහතා පවසා සිටියේ එසේ නඩුවක් ගොනුකලහොත් එය ජාත්‍යන්තරයට ගෙනයන බවත් එමෙන්ම දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන්ද ජාත්‍යන්තරයට කරුණු දක්වන බවත්ය.
Share this games :

0 commenti:

Posta un commento